Press "Enter" to skip to content

මනාලියට විහිළු කරන්න ගිහින් මනාලයාට දවල් තරු පෙනෙයි

සිය මනාලියට කරන්නට ගිය විහිළුවක් නිසා මනාලයාගේ දකුණතෙහි ඇඟිලි දෙකකට හානි වීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුනේ පේරාදෙණිය පැත්තේ උපනගරයකිනි.

එකම කාර්යාලයේ සේවය කළ මේ දෙදෙනා විහිළු තහළු කිරීමේ ප්‍රතිඵලයක් මත ඉතා හිතවත් වී පසුව ආදර සබඳතාවක් ගොඩ නගාගෙන පසුගිය දා දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවාහ දිවියට එළඹියහ. මධුසමය ගත කළේ කඳුකරයේ ප්‍රකට හෝටලයකය.

එහි ගිය ඔවුහු නෑදෑ පිරිසෙන් සමුගෙන කාමරයට ගිය අතර මනාලිය නාන කාමරයට ගියාය. ඇයට විහිළුවක් කිරීමට සිතා මනාලයා නාන කාමරයේ දොර අරිද්දි බියපත්ව මනාලිය කිසිත් සිතාගත නොහැකිව වැරෙන් දොර වැසුමෙන් මනාලයාගේ දකුණු අතේ ඇඟිලි දෙකක් දොරට තද විය.

ඔහුට දෙවියන් සිහි වෙද්දී අනතුර තේරුම් ගත් මනාලිය වහා දොර විවෘත කළාය. පසුව ඔහුට ප්‍රතිකාර ලබා දුන්නත් පසුදා දෙවැනි ගමනේදී මනාලයාගේ අතෙහි වූ වෙලුම් පටි දුටු බොහෝ දෙනා ඒ ගැන විමසීම ඔවුන් ලැජ්ජාවට පත් කරන සිදුවීමක් වුණාලු.

More from GossipMore posts in Gossip »