ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය හිතවතුන් සමග කතාබහ කිරිමේදී විශේෂ කාරණාවක් සදහන් කර ඇති බව වාර්තා වේ.
මලලසේකර මාවතේ පිහිටි නිල නිවසේදී මෙම සිදුවීම සිදුව ඇත.
‘මම මාලදිවයිනේ ඉන්නකොට ඉන්දියාව මගෙන් ලොකු ඉල්ලීමක් කළා රනිල්ව ජනාධිපති කරන්න එපා කියලා. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයෝ එකඟ වූ විදියට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති විදියට පත්කරන්න කියලයි ඉන්දියාව මගෙන් ඉල්ලීම් කළේ. ඒත් එහිදී මට විවිධ පාර්ශ්වවලින් බලපෑම් ආවා රනිල්ව ජනාධිපති කරන්න කියලා. අපේම අයත් මට ඇවිල්ලා කිව්වා රනිල්ට ජනාධිපතිකම දෙන්න කියලා. ඉතින් මට ආපු බලපෑම් හින්දා රනිල්ට ජනාධිපතිකම දුන්නා. හැබැයි මට හිතෙනවා ඒ වැඩෙන් ඉන්දියාව මගෙත් එක්ක තරහා වුණා වගේ කියලා…’ යනුවෙන් ගෝඨා සිය හිතවතුන්ට කියා ඇති බව ආරංචිය.
උපුටා ගැනීම – sinhala.mawratanews.lk
Published in Political