Press "Enter" to skip to content

ඥාතියකුගේ මඟුල්ගෙදර යන්න පියා වාහනය පසුපසට පදවද්දී යටවූ සිඟිත්තිය එතනම මරුට

පියා විසින් පදවන ලද වාහනයට නිවසේ මිදුලේ දී යටවී වයස අවුරුදු 2 ක දැරියක් 8 වැනිදා මිය ගොස් ඇතැයි තඹලගමුව පොලිසියෙන් වාර්තාවේ.

මෙසේ මිය ගොස් ඇත්තේ තඹලගමුව කෝවිල්අඩි ප්‍රදේශයේ නයනමාතිඩල් ගම්මානයේ සාවිත්‍රි වඩිවේල් නම් දැරියයි. ඇයගේ පවුලේ අය ඥාතියකුගේ මංගල උත්සවයකට යෑම සඳහා පිටත්වීමට සූදානම්ව සිටි අතර දැරියගේ පියා විසින් රථය මාර්ගයට ගැනීමට පසුපසට පදවද්දී මෙසේ එම රියටම යටවී ඇති අතර රෝහල වෙත ගෙන යන විටත් ඇය මියගොස් සිට ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිකුණාමලය රෝහලේ දී සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව තඹලගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී. දසනායක මහතා ඇතුළු නිලධාරි කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වති.

More from GossipMore posts in Gossip »