Press "Enter" to skip to content

“මගේ බිරිඳ මගේ හොඳම යාළුවා එක්ක 12 වතාවක් ………….. ” “දරුවෙකුත් බඩේ තියාගෙන දැන් එයත් දවසම අඬනවා” චපල බිරිඳක් හිමි සැමියෙකුගේ කඳුළු කතාවක්

තමන් මුළු හදවතින්ම ආදරේ කරන සහකරුවා හරි සහකාරිය හරි තමන්ට වරදක් සිදු කරනවා කියලා දැනුණොත් ඇති වෙන හැඟීම ගැන හිතා ගන්න පුළුවන්ද? මුළු ලෝකයම එක තැන කඩා වැටුණු හැඟීමක් දැනෙයි. තමන්ගේ බිරිඳ් තමන්ගේම හොඳම යාලුවා සමඟ වරදෙහි බැඳුණොත්?

මේත් එවැනි අත්දැකීමක් සහිත සැමියෙකුගේ අනුවේදනීය කතාවක්.

ඔහුගේම වචනයෙන් පැවසුවොත්….

“අපි විවාහ වෙලා වසර 7 යි. ගිය සතියේ දැන ගන්නවා මගේ wife මගේ හොඳම යාලුවා එක්ක 12 වතාවක් ලිංගිකව එකතු වෙලා කියලා. ඒ සිද්දිය සිදු වෙලා වසර 3 ක් වෙනවා. නමුත් මම දැනගන්නෙ ගිය සතියේ.

අපිට දරුවෙක් ඉන්නවා අවුරුදු 5 යි. Wife ට තව දරුවෙක් දැන් හම්බ වෙන්න ඉන්නවා (මාස3). මෙයා ඒ යලුවට ලියපු ලියමනක් මට අහම්බෙන් හම්බ වෙනවා. ඒක දිගේ හොයාගෙන යනකොට මේ සියල්ල wife එයාගෙ කටින්ම කිව්වා. ඒ වෙනකොට වයස ඇයට 26 යි. යාලුවා මේ පෙළබවීම සිද්ධ කරගෙන තියනවා. ඒ දවස්වල එයත් බැදලා අපි ඉදපු apartment එකේම එහා පැත්තේ එයාල හිටියේ. මන් වැඩ අතරේ එයාගෙ wife නැති අතරෙ සැරින් සැරේ මේක සිදු වෙලා තියනවා. (එතකොට අපේ දරුවට වයස අවුරුදු 2ක් පමන) අපේ කාමරෙමයි මේක සිදු වෙලා තියෙන්නෙ. නමුත් පසුව ඒ යාලුවා සහ එයාගෙ බිරිඳ රට ගියා. තාමත් එයාල ඉන්නෙ රට.

මන් Counselling ගියා, Doctorsලා හම්බුනා. ලොකු වෙනසක් නෑ. Wife කියනවා ඒක පෙලබවීමක් නැවත සිදු නොවන බව. දරුවෙකුත් බඩේ තියාගෙන දැන් එයත් දවසම අඩනවා මගේ වෙනස් වීමත් එක්ක.

මන් මේකට ගත යුතු පියවර කුමක්ද. මට තව ඉන්න හිතක් නෑ. මෙතන රැඳෙන්න හිතක් නෑ. දරුවො නිසා ඉවසනවා. නින්ද යන්නෙ නෑ. අපේ කාමරෙ ඇද දකිද්දි පවා මට මැරෙන්න තරම් දුකක් එනවා.”

More from GossipMore posts in Gossip »