Press "Enter" to skip to content

එක්කෙනෙක් අලාභය කෝටි සීයක් කියලා! මැතිඇමැතිවරු 5 දෙනෙක් එක ගේ දෙක කරලා! සමහරු පිච්චුණු බඩු කියලා බොරු ලයිස්තු හදලා! තව සමහරු ගිනිගත් ගෙවල්වල වටිනාකම තුන්ගුණයක් කරලා! වන්දි ගන්න මැතිඇමැතිවරු ගහපු ගේම් තොග පිටින් එළියට ඇවිත්!

මැයි නමවනදා ජන අරගලය මධ්‍යයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළ විනාශ වූ මැති ඇමතිවරු ඔවුන්ගේ දේපළවල වටිනාකම දෙගුණ තෙගුණ කර ගනිමින් වන්දි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව අද වෙළදපොළට නිකුත් වී තිබෙන දිවයින පුවත්පත වාර්තා කරයි.

විනාශයට පත් වූ දේපළවල වෙනුවෙන් නොවටිනා තක්සේරු ඉදිරිපත් කරමින් අසීමිත වන්දි මුදලක් ලබා ගැනීමට ඇතැම් දේශපාලනඥයන් දරන උත්සාහය නිසා තක්සේරු නිළධාරීන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පුවත්පත පවසයි.

විනාශයට පත් වූ තනි නිවස නිවාස දෙකක් බව ප්‍රකාශ කරමින් වන්දි සහ නිවාස ලබා ගැනීමට මැතිඇමතිවරු පස් දෙනෙක් උත්සාහ කරමින් සිටින බවද පුවත්පත වාර්තා කරයි.

මේ අතර තවත් එක් දේශපාලනඥයෙකු තමන්ට සිදු වූ අලාභය කෝටි සියයක් බව කියමින් වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසේ.

මීට අමතරව ගිනිගත් නිවාස හා දේපළපලව සැබැවින්ම නොතිබුණු නමුත් තිබී විනාශ වූ භාණ්ඩ යැයි ව්‍යාජ ලයිස්තු සකස් කරමින් ඒ සදහාද වන්දි ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව පුවත්පත වාර්තා කරයි.

එම පුවත මෙසේය.

මැයි 09 වැනිදා රට පුරා සිදුවූ කලබලකාරී සිද්ධීන්වලදී ගිනිතබා විනාශ කළ දේපළවල තක්සේරු වටිනාකම දෙගුණ තෙගුණ කර ලබාගැනීමට දේශපාලනඥයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.

විනාශයට පත්වූ දේපළ වෙනුවෙන් නොවටිනා තක්සේරු ඉදිරිපත් කර අසීමිත මුදලක් ලබාගැනීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කිරීම නිසා මෙම අලාභයන් තක්සේරු කරන නිලධාරීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.

විනාශයට පත්වූ එක් නිවසක් නිවාස 2ක් ලෙස නම්කර එහි අලාභය පිළිබඳව තක්සේරු වාර්තා ඉදිරිපත් කරමින් වන්දි මුදල් සහ නිවාස ලබාගැනීමට දේශපාලනඥයන් 05 දෙනකු කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

තමන්ට සිදුවූ අලාභය රුපියල් කෝටි 100කට අධික බවට වාර්තා ඉදිරිපත් කරමින් වන්දි මුදල් ලබාගැනීමට එක්තරා දේශපාලනඥයකු කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග හෙළි කරයි.

එමෙන්ම විනාශයට පත්වූ නිවාසවල සහ ගොඩනැඟිලිවල නොතිබුණු වටිනා භාණ්ඩවල ලැයිස්තු ඉදිරිපත් කරමින් ඇතැම් දේශපාලනඥයෝ ඒ වෙනුවෙන් අසීමිත මුදලක් ලබාගැනීමට ද උත්සාහ දරමින් සිටිති.

විනාශයට පත්වූ තම නිවාසවල රන් භාණ්ඩ මුදල් ඇතුළු වටිනා දේපොළ විශාල වශයෙන් තිබූ බව කියමින් ඇතැම් දේශපාලනඥයන් ඒ වෙනුවෙන් තක්සේරු වාර්තා ද ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායම් පවසන්නේ තම දේපොළ විනාශයට පත්වූ දේශපාලනඥයන් ඉදිරිපත් කර ඇති තක්සේරු වාර්තා බොහොමයක් පිළිගත හැකි ඒවා නොවන බවයි.

මෙම දේශපාලනඥයන්ගේ විනාශයට පත්වූ තම දේපොළ වෙනුවෙන් අසීමිත වන්දි ඉදිරිපත් කර ඇතත් මොවුන් එම දේපොළ ඉපයූ ආකාරය පිළිබඳව කිසිදු විමසීමක් හෝ පරීක්‍ෂණයක් කිරීමට මේ වන තුරු කටයුතු කර නොමැති බව ද විමර්ශන කණ්ඩායම් පවසති.

මේ හේතුව නිසා එම දේශපාලනඥයන් ඉදිරිපත් කරන දේපොළ තක්සේරු වාර්තා තමන්ට පිළිගැනීමට සිදුවී ඇති බවද ඔහුහු කියා සිටිති.

ඉකුත් මැයි 09 වැනිදා රටපුරා ඇතිවූ කලබලකාරී සිද්ධීන්වලින් පසු දේශපාලනඥයන් 76 දෙනෙකුට ආසන්න පිරිසකට අයත් දේපොළ සංවිධානාත්මක පිරිස් විසින් ගිනි තබා විනාශ කර තිබිණි.

ඇතැම් ප්‍රචණ්ඩකාරීන් විසින් මෙම නිවාස සහ ගොඩනැඟිලිවල තිබූ වටිනා දේපොළ ද කොල්ලකා ගෙන ගොස් තිබූ බව විමර්ශන වලින් හෙළි විය.

source – mawratanews.lk

More from GossipMore posts in Gossip »