Press "Enter" to skip to content

මහ වැස්සේ බෝක්කුවක සිරවුණු පාසල් දරුවෙකු මිය යයි

ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග කුරුණෑගල, වැහැර ප්‍රදේශයේදී බෝක්කුවකට ඇඳ වැටී එහි සිරවී සිටි පාසල් සිසුවෙකු මියගොස් තිබේ.

පාසල නිමවී ජලයෙන් යට වී තිබූ මාර්ගය ඔස්සේ අද යළි නිවසට යමින් සිටි සිසුවා බෝක්කුවට වැටී ඇති අතර පසුව ජල පහරට හසුව ගොස් බෝක්කුවේ සිරවී තිබේ.

එහිදී වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්, පොලීසිය සහ යුද හමුදාව එක්ව සිසුවා බේරා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේය.

පැය එක හමාරක පමණ මෙහෙයුමකින් පසුව බෝක්කුව තුළ සිරවී සිටි සිසුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය සිසුවා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.

https://fb.watch/flIIM3kOKS/

More from GossipMore posts in Gossip »