Press "Enter" to skip to content

විදෙස් ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර දෙන අයැදුම් පත නිකුත් කෙරේ

නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවන විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර දෙන අයැදුම් පත්‍රය නිකුත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපිනය ඔස්සේ අදාළ අයැදුම් පත්‍රය භාගත කළ හැකි වේ.

ඒ අනුව, මෙම වසරේ මැයි පළමු වන දා සිට ලබන වසරේ අප්‍රේල් 30 වන දා දක්වා කාලය තුළදී ඇ.ඩො. 30,00කට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සඳහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් 50%ක වටිනාකමකින් යුත් විද්‍යුත් යතුරුපැදියක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත.

එමෙන් ම, මෙම වසරේ මැයි 1 වන දා සිට දෙසැම්බර් 31 වන දා දක්වා වන කාලයක තුළදී ඇ.ඩො. 20,000 මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සඳහා විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

මේ අතර, නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින් සඳහා ගුවන්තොටුපළේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇ.ඩො. 6,550ක් දක්වා ඉහළ නැංවීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර ඒ සඳහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පැවසීය.

More from GossipMore posts in Gossip »