භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඉහළ නිලධාරියෙකුට ආහාර පාන ගැනීම සඳහා රුපියල් 42,000ක් වැය කර රිදී මිශ්‍රිත හැඳි හයක් මිල දී ගෙන ඇතැයි එම කාර්යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම නිලධාරියා ආහාර ගැනීමේදී භාවිත කරන හැඳි පරණ වී ඇති බැවින් මෙසේ අලුතින් හැඳි මිල දී ගන්නැයි ඔහු අදාළ අංශවලට නියෝග කර තිබේ.
ඒ අනුව, බත්තරමුල්ලේ සුපිරි වෙළඳසලකින් රුපියල් 5,000කට හැඳි හයක් මිල දී ගෙනැවිත් ඇති අතර අදාළ නිලධාරියා එය පරීක්ෂා කර බලා තමන් බලාපොරොත්තු වන තත්ත්වයේ නැති බැවින් හොඳ ම තත්ත්වයේ හැඳි ගෙන එන්නැයි එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.
පසුව එම නිලධාරීහු යළි ත් හැඳි හයක් ගෙනැවිත් ඇති අතර රිදී මිශ්‍රිත බව කියන එම හැඳි හයට රුපියල් 42,000ක් වැය වී ඇතැයි එම කාර්යාංශයේ නිලධාරීහු පවසති.






