Press "Enter" to skip to content

බළල් අසූචි මිශ්‍ර ආහාර අලෙවි කළ රාජගිරියේ හෝටල් දෙකකට නඩු

බළල් අසූචි මිශ්‍ර ආහාර අලෙවි කළ බව කියන රාජගිරියේ ප්‍රසිද්ධ අවන්හල් දෙකකට එරෙහිව නඩු පැවරීමට කෝට්ටේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඊයේ (30 දා) පියවර ගත්තේය.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් විසින් රාජගිරිය ප්‍රදේශයේ ආපනශාලා හතළිහක් පමණ පරීක්‍ෂාවට ලක් කිරීමේදී පිසූ ආහාර අසල මීයන් වැනි සතුන් ගැවසීමට ඉඩහැර තිබූ ආපනශාලා දෙකකට ද නඩු පවරා තිබේ.

මෙම පරීක්‍ෂාවේදී අපවිත්‍ර ලෙස ආහාර පිළියෙළ කරමින් තිබූ ආපනශාලා 30 ක් හඳුනාගනිමින් දැඩි ලෙස අවවාද කළ බවත් ආපනශාලා දොළහකට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බවත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රුද්‍රිගෝ මහතා කියා සිටියේය.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

More from GossipMore posts in Gossip »