Press "Enter" to skip to content

ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවියක් පඳුරක් අසල ඇඳුම ගලවද්දිම පොලීසියට මාට්ටු

ගාල්ල, මහමෝදර වෙරළේ වැටකෙයියා පඳුරක් අසලදී ඇඳුම් මාරු කරමින් සිටි පාසල් සිසුවියක ගාල්ල පොලිසිය විසින් 29 වැනිදා දහවල් අත්අඩංගුවට ගෙන ඇයගේ මවට භාර දී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අවට පාසලක සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිටින සිසුවියකි.

ඇය ඊයේ (29 වැනිදා) උදේ සාමාන්‍ය ඇඳුමක් ද බෑගයේ සඟවාගෙන පාසල් යන බව පවසා නිවසින් පිටත්වී ඇත. පසුව ගාල්ල නගරයට පැමිණි ඇය පෙම්වතා සමග ලැගුම්හලකට යාමේ අරමුණින් මහමෝදර වැටකෙයියා පඳුරක් අසලදී පාසල් නිල ඇඳුම ගලවා සාමාන්‍ය ඇඳුමක් අඳිමින් සිට ඇති අතර, එය දුටු පුද්ගලයකු පොලිසියට ඒ බව දන්වා තිබේ.

එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් සිසුවිය සහ ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන ළමා හා කාන්තා කාර්යංශය වෙත භාර දී තිබේ. පසුව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චෞද්රි සිසුවියගේ මව ගෙන්වා දැඩිව අවවාද කොට දියණිය ඇයට බාර දුන්නාය.