වයඹ පළාතේ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කාර්යාලයක සේවයේ නියුතු නිලධාරිනියන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි චෝදනා එල්ල වන වෛද්‍යවරයකු පිළිබඳ විමර්ශනය කරන බවත් ඔහු ඊට වැරැදිකරු වුවහොත් දැඩි පියවර ගන්නා බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පැවසීය.
එවන් සිදුවීම් හා නොමනා ක්‍රියාකලාපයන් ගැන පැමිණිලි රැසක් ලැබුණු බවද, ඊට අදාළව විමර්ශනය ආරම්භ කර ඇති බවද හෙතෙම කීවේය.
මෙම කාර්යාලයේ කලක පටන් සේවයේ නිරත අදාළ වෛද්‍යවරයා විසින් එහි නිලධාරිනියන් සමීපයට ගෙන විවිධ ලිංගික බලපෑම් සිදුකර ඇති බවත් මේ පිළිබඳ එම නිලධාරිනියන් විසින් විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙන බවත් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තමන් වෙත විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු එය අධ්‍යනය කර නිර්දේශයක් සමගින් ප්‍රවාහන ඇමැතිවරයා හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකරන බව සභාපතිවරයා කීවේය.
Published in Uncategorized