Press "Enter" to skip to content

හයිය හිතක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ! අත් දෙකයි කකුලකුයි නැතිව උසස් පෙළ ලියලා උසස් විදිහට පාස් වෙච්ච රශ්මි දුව අත පය හතරම තියෙන අයට කියා දුන් පාඩම! (VIDEO)

ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන උපතින්ම දෑත් සහ දෙපා උපතින්ම අහිමි වූ රශ්මි නිමේෂා ගුණවර්ධන  සිසුවිය උසස් පෙළ විභාගයෙන් වානිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.

ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ  ගිණුම්කරණය විෂයන් තුනට ම ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය. 

ඇගේ අත්දෙක උපතින්ම අහිමිය. දකුණු පාදය ආබාධිත ය. ආබාධිත පාදයට කෘත්‍රීම පාදයක් යොදා ඇත.  ඇය ලියන්නේ  ඇගේ වම් කකුලේ ඇඟිලි අතර රඳවාගත් පෑනෙනි. ඇය පරිගණකය හසුරුවන්නේ ද වම් කකුලේ ඇඟි තුඩු වලිනි. පොත්වල පිටු පෙරලන්නේ ද එලෙසය.

ඇය 2012 වසරේ පසුවන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමත්, 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ අටක් සහ එක් බී සාමාර්ථයක් ලබා ඉහළින්ම සමත්වීමත් 2021 උසස් පෙළ විභාගය ඒ සාමාර්ථ තුනක් ලබැගැනීමට හැකි වූවාය.

More from GossipMore posts in Gossip »