මෙරට රාජ්‍ය සේවකයන් ලක්ෂ 16ක් පමණ සිටියත් ඔවුන්ගෙන් ලක්ෂ 10ක පිරිසකගෙන් කිසිදු ඵලදායී සේවාවක් නොමැති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
එහිදී ඒ මහතා පවසන්නේ රජය පවත්වාගෙන යාමට දේශපාලඥයින් කැපකිරීම් කරන බවත් මහන්සි වී වැඩ කරන නමුත් රාජ්‍ය සේකයන් කැපවී වැඩකරන්නේ ලක්ෂ 06ක පමණ පිරිසක් පමණක් බවකි.
එමෙන්ම මේ වනවිට රාජ්‍ය සේවය, රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බව ෂාන් රණසිංහ මහතා පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.
Published in Political
More from PoliticalMore posts in Political »