Press "Enter" to skip to content

වැලිමඩ බිය ගන්වමින්” ඇඳ ඇතිරිල්ලකින් ඔතා පාලු‍ ළිඳකට දමා තිබූ මළසිරුරේ අභිරහස විසදෙයි ! කතාව පිටිපස්සෙ අනියම් සීන් එකක්ලූ

වැලිමඩ පොලිස් වසමේ සාප්පුකඩේ කාන්තාවක් අතුරුදන් වීමක් පිළිබඳ ඇගේ දියණිය වැලිමඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා

ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශන මඟින් පෙරේදා (24) අදාළ කාන්තාවගේ මෘත ශරීරය හමු වුණු බව යි පොලිසිය වාර්තා කරන්නේ

මරණකාරියගේ සිරුර හමු වී ඇත්තේ ඇඳ ඇතිරිල්ලකින් ඔතා හෝටලයක් ආසන්නයේ ඇති පාලු‍ ළිඳක දමා තිබිය දී

මරණකාරිය වයස අවුරුදු 54ක පුරංවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක්

මරණකාරිය තවත් පුද්ගලයකු සමඟ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සමඟ අනියම් ඇසුරක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා

පසු ව දෙදෙනා අතර යම් බහින්බස් වීමක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා

සැකකරු වයස අවුරුදු 37ක තලවාකැලේ පදිංචි පුද්ගලයෙක්

වැලිමඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති

මේ අතර හලහ පොලිස් වසමෙන් ද මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වන අතර තියුණු ආයුධයකින් ගෙල කපා 45 හැවිරිදි පුද්ගලයකු ඝාතනය වී තිබෙනවා

මරණකරු බෙල්වුඩ් ජනපදය ගලහා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ඔහු නිවසේ තනි ව ජීවත් වූ අයකු වන අතර පෙර දින රාත්‍රියේ පිරිසක් සමඟ මත් පැන් පානය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ

එහි දී ඇති වුණු යම් ආරවුලක් මත මෙම ඝාතනය සිදු කරන්නට ඇතැ යි පොලිසිය සැක පහළ කරනවා

සැකකරුවන් වයස අවුරුදු 40 හ 52 යන වයස්වල පසු වන අතර ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන්

ගලහා පොලිසිය වැඩිදුර මෙහෙයුම් සිදු කරනු ඇති

More from GossipMore posts in Gossip »