සිය පෙම්වතියට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කල කලුතර ප්‍රදේශයේ තරුණයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ආසියානු කුසලානය යටතේ ඊයේ පැවති පළමු තරඟය නැරඹීම සඳහා එම තරුණයා සූදානම් වී සිටි අතර ඔහුගේ නිවසට තවත් මිතුරන් දෙදනෙකුටද ඔහු ආරාධනා කොට තිබුනා.
තරඟය ආරම්භ වූ පසුව තමාට දුරකථන ඇමතුම් ලබා නොදෙන්නැයි ඔහු සිය පෙම්වතියට පවසා තිබුනා.එහෙත් එය ඇසීමත් සමඟම කෝප වී ඇති ඇය කියා ඇත්තේ වඩා වටින්නේ තමාද මැච් එකද යන්න තෝරාගන්නා ලෙසයි.
ඒ අනුව ක්‍රිකට් වලට ඇති ලැදිකම නිසා ක්‍රිකට් තරඟය නැරඹීම තෝරාගෙන ඇති ඔහු සිය ජංගම දුරකථනයද ක්‍රියා විරහිත කොට ඇත්තේ පෙම්වතියගෙන් ලැබෙන ඇමතුම් මඟ හැර නිදහසේ තරඟය නැරඹීමට අවශ්‍ය නිසාවෙනුයි.
එහෙත් ඊයේ තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වූ අතර තරඟය අවසන් වී දුරකථනය අතට ගෙන පරීක්ෂා කොට බැලූ ඔහු දැක ඇත්තේ ,”තමා සම්බන්ධය අවසන් කල බව ” කියමින් සිය පෙම්වතිය විසින් එවා ඇති කෙටි පණිවුඩ කිහිපයකුයි.






