අගෝස්තු 27 වනදා බත්තරමුල්ලේ ප්‍රසිද්ද හෝටලයක පැවති ප්‍රසංග අවස්ථාවකදී ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට විරෝධය දැක්වූ කාන්තාවකට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් විසින් පහර දී ඇති බව වාර්තා වෙයි.
අමාත්‍යවරයා ප්‍රසංගයට පැමිනෙණ නිසා දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබීම ගැන කාන්තාවක් ආරක්ෂක නිලධාරීන්ගෙන් විමසා ඇති අතර ඇමතිවරයාගේ පැමණීම නිසා යයි ඔවුන් පැවසීමෙන් ඇය පවසා ඇත්තේ මෙවැනි පුද්ගලයන් පැමිණීමෙන් සාමාන්‍ය ජනතාවට බාධා වන බවයි.
ඇමතිවරයා පැමිණීමෙන් පසු ඔහුට විරෝධය දක්වා ඇති එම කාන්තාව ඉංග්‍රීසි භාෂාවෙන් පරුෂ වචන පාවිච්චි කරමින් බැණ වැදී ඇති අතර ස්ථානයෙන් පිටවන ලෙසත් පවසා ඇත.
එහිදී ආරක්ෂක නිලධාරීන් එම කාන්තාවට පහර දී ඇති අතර එම ස්ථානයට පැමිණි කාන්තාවගේ ස්වාමිපුරුෂයාටද පහර දී ඇත.
source – lanka c news






