Press "Enter" to skip to content

සර්… අනේ මාව බේරගන්න සර්.. මට ගෙදර යන්න බෑ…

මිනිස්සුන්ගේ ආශාවන් අසීමිතයි..
කෙළවරක් නැති සමහර ආශාවන්වලට සීමාවක් මායිමක් නැති බව අමුතුවෙන් කියන්න වුවමනා නැහැ.
ඒත් සීමා නැති මේ ආශාවන්වලට හැම මනුස්සයෙක්ම කැමති නෑ.

මෑතක — පුරවරයෙන් ඇසුණු මේ කතාවේ කතා නායිකාවට අපි ප්‍රියා කියලා කියමු.
ප්‍රියා පොලිසියට ආවේ අමුතුම කතාවක් පොලිස් මහත්වරුන්ට අරගෙන.
හැබැයි එයා කියපු කතාවේ මුල මැද පොලිසියේ මහත්වරුන්ට තේරුණේ නෑ.
අඩුම ගානේ මේ කතාව ඇත්ත ද බොරු ද කියන්න කාටවත් තේරුණේ නෑ…..
“සර්… මගේ හස්බන් මට කරදර කරනවා සර්. වෙන දේකට නෙවෙයි සර්.. එයාට ඕනි ලූ මාව වෙන මිනිහෙක් එක්ක එකට දකින්න. මොන හිරිකිතකමක්ද සර්.. මට බෑ කිව්වට මිනිහට ඕනිමලූ. මට බෑ සර් තවත් මේ දුක උහුලන්න. මම බැරිම තැන මේ පොලිසියට ආවේ. සර් එයාට කොහොමත් තියෙන්නෙ අමුතු ආසාවල්. බැඳපුදා ඉඳලම මට එක එක නරක වීඩියෝ පෙන්න පෙන්න පොළඹව ගන්නවා. ඒකේ ඉන්න ගෑනු වගේ ඉන්න පුලුවන්ද සර් මට..”

“මම නිළියක් නෙවේනේ. මං හැඟීම් දැනෙන ගෑනියෙක්. මේ මිනිහට කොච්චර කිව්වත් අහන්නෙ නෑ. අන්තිමට මම අම්මලා ගෙදරත් ගියා මාස දෙකක්ම ආවේ නැතුව හිටියා. මෙයා අම්මට කෝල් කරලා අඬලා ගෙන්න ගත්තෙ ආයෙම. ආවට පස්සෙ හැදෙයි කියලා හිතුවේ. නෑ සර් මූ හැදෙන් නෑ.. මූ හිටියටත් වඩා ජරා සතෙක් වෙලා. එක දවසක් හස්බන්ගේ යාලුවෙක් ගෙදර ඇවිත් හිටියා. හස්බන් මගේ දිහා අමුතු විදිහට බැලුවා. එයාගේ යාලුවත්… මං දැනගත්තා මිනිහා එන්න හදන්නෙ මොකටද කියලා..”

“සර්… මට මළපැන්නා. ඉවසීමේ සීමාවක් තියෙන්න එපැයි ගෑනියෙක්ගේ. මම බෑ කියද්දි මිනිහා මාව ඇදලා අරන් පොළඹව ගන්න හැදුවා. අන්තිමට මම බෙරිහන් දීලා ගෙදරින් පැන ගත්තෙ. අහළ පහළ උනුත් බලාගෙන. සර් මම කොහොමද මගේ ඇඟ පිරිමි දෙන්නෙකුට දෙන්නෙ. ඒකට වෙන ගෑනු ඇති. මගේ මිනිහට පුළුවන්නෙ එහෙම ගෑනියෙක්ව හොයාගන්න. ඇයි මාවම.. මොන වරදක් කළාටද ?”

“අනේ සර්.. මට මගේ මිනිහට විරුද්ධව පැමිණිල්ලක් දාන්න ඕනි. මට උදව් කරන්න සර්. ඒ තිරිසනා ගාවට මාව යවන්න එපා වඳින්නම් සර්…”

More from GossipMore posts in Gossip »