Press "Enter" to skip to content

ගෝඨාභය අගමැති කරන්න කැමතියි

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගෝඨාභය ගැන කිව්ව අලුත්ම කතාව

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණීමෙන් පසු අගමැති ධුරය භාර ගන්නේ නම් ඊට තමන්ගේ අකමැත්තක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පැවසීය.

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට කැමතිද යනුවෙනි.

ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කළේ,

“අපේ අකමැත්තක් නැහැ. කැමතියි. අනිවාර්යයෙන් අපි ඡන්දයත් දෙනවා. “

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ ප්‍රකාශ කළේ,

“ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් මේ රටට පැමිණිය යුතුයි. එතුමාට ආරක්ෂාව ලබාදිය යුතුයි. අපේ කිසි අකමැත්තක් නැහැ. හැටනම ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා පත්කරගත් ජනාධිපතිවරයෙක් නේ. ඉතින් අගමැති ධුරයට පත්වුණාට කවුද අකමැති වෙන්නේ. මම නම් විරුද්ධ නැහැ. එතුමා ඉල්ලුවොත් අගමැති ධුරයට අපි ඡන්දයත් දෙනවා.”