ස්මාට් දුරකථනයවත් ගෙනිහින් නෑ
දින දහයක් තිස්සේ තොරතුරක් නෑ – දෙමාපියෝ කියති
කුඩා කල සිට අඳුන මගින් පේන බලා ශාස්ත්‍රකීම සහ යන්ත්‍ර මන්ත්‍ර හා ගුරුකම් ආදිය සිදු කරමින් සිටි දහහත් හැවිරිදි බාලවයස්කාර ගැහැණු ළමයකු සොයා ගැනීම සඳහා ගලෙන්බිඳුණුවැව මොරගොඩ පොලිසිය මහජනතාවගේ සහාය පතයි.
පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටි ගලෙන්බිඳුණුවැව සිවලාකුලම කවරක්කුලම ප්‍රදේශයේ පදිංචි ශර්මිලා නිලක්ෂි දයාරත්න නමැති ඇය අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඇගේ පියාවන පියසේනගේ දයාරත්න මහතා මොරගොඩ පොලිසිය කල පැමිණිල්ලක් මත පොලිසිය පොලිසිය ජනතාවගෙන් එම ඉල්ලීම කර සිටි.
ඇය අතුරුදහන්ව මේ වනවිට දින එකොළහක පමණ කාලයක් ගතවී ඇති බව ඇගේ පියාවන පියසේනගේ දයාරත්න මහතා පවසයි.
ඉකුත් 14 වෙනි දින පෙරවරුවේ තමා සිය බිරිඳ සුපුරුදු පරිදි කිරි දෙවීමට ගව ගාලට ගොස් නැවත පෙරවරු 8.00 පමණ නිවසට පැමිණ සොයා බැලීමේදී තම දියණිය නිවසේ නොසිටි බවත් එදිනම ඒ පිළිබඳව මොරගොඩ පොලිසිය වෙත පැමිණිලි කළ බවත් ඒ මහතා පැවසිය.
මේ අතර ඇය භාවිතා කළ ස්මාට් ජංගම දුරකතනය ඇඳුම් පැළඳුම් හෝ අඩුම තරමින් අවසන් වරට ඇය පැළඳ සිටි පාවහන් යුගලද නිවසේම තිබීමත් ඇගේ නමින් රුපියල් ලක්ෂ 17 ක මුදලක් බැංකුවක තැන්පත් කොට ඇති ඉතිරි කිරීමේ ගිණුම් පොතද නිවසේ තිබීම නිසා ඇයව කිසියම් පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් පැහැර ගෙන ගියේද යන්න පිළිබඳව සැකයත් පවතින බවත් පී. දයාරත්න මහතා කිය.
අතුරුදහන්ව සිටින තම දියණිය පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙක්වේනම් මොරගොඩ පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් එවැනි අයෙකුට ත්‍යාග මුදලක් පිරිනමන බව පවසන ඔහු තම දුරකථන අංකය වන 0779779813 ට දැනුම් දෙන්නැයි ඇගේ පියාවන පී. දයාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා, අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු






