මැයි 09 වැනි දා තමන් ඇතුළු පිරිසක් ගාලූ මුවදොර අරගල භූමියට ගියේ අරගල කරුවන්ට සංදේශයක් භාරදීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.
එම සන්දේශය තිබුනේ තමන්ගේ සාක්කුවේ බවත් එය මහා විශාල එකක් නොවන බවද ඔහු කීය.
එහිදී අරගල කරුවන් පිරිසක් සහ තමන් සමග ගිය පිරිසකට පහර දුන් බවත් එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවූ බවත් හෙතෙම පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
Published in Political
More from PoliticalMore posts in Political »