Press "Enter" to skip to content

මගේ බිරිඳ 1993 ඉපදුන කෙනෙක් මන් 1951 ඉපදිච්ච කෙනෙක් නමුත් අපි සතුටින් පවුල් කනවා. ජයසේකර අපොන්සු.

ශ්‍රී ලංකේය කළා ක්ෂේත්‍රය තුල හැම කෙනෙක්ම ඉතා හොඳින් හඳුනන කෙනෙක් තමයි ජයසේකර අපොන්සු කියන්නේ. මේ නම කියූ ගමන් ලංකාවේ කිසිම කෙනෙක් ඔහු ගැන නොදන්නවා වෙන්න බැහැ. ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ හාස්‍යමය රංගන ශිල්පියෙක් විදියටයි, ඒ විදියට ජනතා අදරේ දිනාගත් ඔහු රංගන ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කල බවත් රහසක් නොවෙයි. රඟපෑමකින් කෙනෙකුගේ මුහුණට සිනහවක් එක්කරනවා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.

අද වෙද්දී එවැනි කළා ශිල්පින් ලංකාව් සිටින්නේත් බොහොම සුළු ප්‍රමාණයක්. ඒ අතරින් අපට සිටින දක්ෂ නළුවෙක් තමයි ජයසේකර අපොන්සු කියන්නේ. ඒවගේම ඔහුගේ අලුත් තරුණ බිරිඳ ගැනත් පසුගිය කාලයේ ගොඩක් කතාබහකට ලක්වුනා කියලා ඔබට මතක ඇති. මේක හේතුව වුනේ වයසින් වැඩි ජයසේකර මහත්තයා ගොඩක් තරුණ කෙල්ලෙක් එක්ක විවහා වුන කියලා. කොහොමත් අද වෙද්දී වයසින් වැඩි පිරිමි පාර්ශවය ගොඩක් බාල තරුණියන් විවහා කරගන්නවා.ඉතින් මේ වගේ අපොන්සු දැන් ගෙවන ජිවිතේ ගැන සහ බිරිඳ ගැන අපිට කිවුවේ මේ විදිහාටයි.

දැන් මගේ ජීවිතය වෙනදාට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. මොකද මගේ දුක සැප බෙදා ගන්න සහකාරියක් දැන් මට ඉන්නවා. එයාගේ නම සුජාතා ප්‍රියදර්ශනී.’මගේ ජීවිතයට ඇතුළු වෙලා මගේ දේවල් හූරාගෙන ගියපු කාන්තාවෝ හිටියා. හැබැයි සුජාතා ඒ වගේ කෙනෙක් ‍නෙවෙයි. ඉන්න ටික කා‍ලේ කලාවත් කරගෙන එයා එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.ඒ වගේම ඔහුගේ බිරිඳ ඔහු ගැන කියන්නේ මේ වගේ දෙයක්. මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා.

හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි කතාබහ කරලා මිත්‍රත්වයක් ඇති කරගත්තේ.මම ඉපදුණේ 1993 අවුරුද්දේ. අ‍පොන්සු අයියා 1951 ඉපදිච්ච කෙනෙක්. ඒ වුණාට මට ඒක ගැටලුවක් ‍නෙවෙයි. එයාගේ අතීතය ගැන හැමදේම අ‍පොන්සු අයියා මට කියලා තියෙනවා. එයාගේ ගෙවල් දොරවල්වත් වෙන දේ‍පොළක්වත් බලාගෙන ‍නෙවෙයි. මම එයා එක්ක ජීවත් වෙන්න ආවේ. එදා එයා තනිවෙලා හිටපු විදිහට මට දුක හිතුණා.එයා වෙනදාට වඩා සතුටිනුයි දැන් ඉන්නේ. මේ දවස්වල අලුතින් ටෙලි නාට්‍යයකුත් ලියාගෙන යනවා. මමත් පුළුවන් උපරිම විදිහට ඒ වැඩ කටයුතුවලට උදව් උපකාර කරනවා.

More from GossipMore posts in Gossip »