Press "Enter" to skip to content

රෝද දෙකේ අධිවේගය තවත් තරුණ ජීවිත දෙකක් බිලිගනී

ගිරිඋල්ල-පන්නල මාර්ගයේදී යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 20 සහ 30 හැවිරිදි වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකි.

ගිරිඋල්ල-පන්නල මාර්ගයේ මැල්ල වලාන හන්දිය ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.

තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මාර්ගයේ අසළ නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

https://youtu.be/Ovh1U4BYfb8