Press "Enter" to skip to content

රටම කතාවන සර් ගැන දැන් ලැබුණු ආරංචිය

මධ්‍යම අධිවේගයේ සිදුවු බිහිසුණු අනතුර

‍මධ්‍යම අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරකින් ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල මහතා තුවාල ලබා තිබේ.

ඔහු ගමන්ගත් ජීප් රථය ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මධ්‍යම අධිවේගි මාර්ගයේ නාගලගමුව සහ දංබොක්ක අතර අද (21) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු දිනේෂ් මුතුගල මහතා සහ තවත් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා කුරුණැගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »