Press "Enter" to skip to content

ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

ගෘහස්ථ ලාෆ් ගෑස් මිල අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 5800කි.

එසේම කිලෝ ග්‍රෑම් 5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ 2320ක් ලෙසටය.

මේ අතර කිලෝ ග්‍රෑම් 2 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල ලෙස සටහන් වන්නේ 928ක් ලෙසටය.

More from GossipMore posts in Gossip »