හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
කැබිනට් තිරණය දැනුම්ද දිමේ මාධ්‍ය සාකච්ඡාවේදි මාධ්‍ය වේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.
ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව හිටපු ජනපතිවරුන්ට හා වත්මන් ජනපතිවරයාට හිමි වරප්‍රසාද සඳහන් කර ඇති බවද ඔහු පැවැසිය.
ඒ අතර ,
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ගත කළ කාලයේ දී, සිය හෝටල් බිල ලෙස රුපියල් මිලියන 67ක මුදලක් ගෙවා ඇති බව ආරංචි මාර්ග වාර්තා කරනවා.
පසුගිය 11 වැනි දා තායිලන්තය බලා පිටත්ව යන තෙක් මෙරටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සිංගප්පූරුවේ නවාතැන් ගෙන ඇත්තේ සුප්‍රකට මරිනා බේ සෑන්ඩ්ස් හෝටලයේ බව මාධ්‍ය වාර්තා කරනවා. හෝටලයේ නවාතැන් ගාස්තුව ලෙස වැය වූ රුපියල් මිලියන 67ක මුදල ගෙවා ඇත්තේ මෙරට කූප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති විසින් බවයි ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ විට තායිලන්තයට ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා එරට දී නවාතැන ගෙන සිටින හෝටලය කුමක්ද යන්න තවමත් අනාවරණය වී නැහැ.
නිශ්ශංක සේනාධිපති, අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ සේම එජාප ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන යන දෙදෙනාගේම සමීප මිතුරෙක් බවයි කියන්නේ.
source – A5 News Sri Lanka






