පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ විසින් යෝජනා කරන ලද අයකුට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා සමාගමේ (ජී.එස්.එම්.බී.ටෙක්නිකල් සර්විස් (පුද්) සමාගම) ප්‍රධාන විධායක නිලධාරි තනතුර ලබාදුන් පසුව, එම තනතුර සඳහා ඔහු විසින්ම තවත් අයකුගේ නමක් යෝජනා කර එවීමේ සිද්ධියක් පරිසර අමාත්‍යාංශයෙන් වාර්තා වී තිබේ.
මෙලෙස දෙවන වරට නම්කර එවා ඇත්තේ දකුණු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකුගේ පුද්ගලික ලේකම්වරයක් බව පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා විසින් පරිසර ඇමැති නසීර් අහමඩ් මහතාට යවන ලද එච්/එන්ආර්/2020/03 දරන ලිපියේ සඳහන් කර ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තාක්ෂණික සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම්.එච්.ඩී.පී. කරුණාරත්න නමැති අය සුදුසු බවය.
ඒ අනුව, ප්‍රධාන විධායක නිලධාරි තනතුර සඳහා ඔහු ඉකුත් අගෝස්තු මස 10 වැනිදා පත්කර ඇත.
එම පත් කිරීමේ ලිපියට ජී.එස්.එම්.බී ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය සෙනරත් හේවගේ මහතා අත්සන් කර තිබේ.
එසේ තිබියදී, අදාළ තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ විසින් රන්න ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමක්ද යෝජනා කර එවා ඇත.
ඔහු දකුණු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ පුද්ගලික ලේකම්වරයකු බව පැවසේ.
මූලාශ්‍රය – අරුණ
Published in Political