Press "Enter" to skip to content

උපන් ගමන් බිළිඳාගේ ගෙල මිරිකා ඝාතනය කල දොස්තර පස් වසරකට පසු කොටුවූ හැටි

මීට වසරක පහකට පෙර අලු‍ත උපන් බිළිඳු පිරිමි දරුවෙකු ගෙල මිරිකා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්බව කියන වෛද්‍යවරයකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා මහනුවර මහ රෝහලට අනියුක්තව රාජකාරි කරමින් සිටි අතර සැකකරු මඩකලපුව සයින්දමරුදු කළ්‍යාණ පාර ප්‍රදේශයේ පදංචි 36 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි.

මියගිය බිළිඳාගේ මළසිරුර 2017 වසරේදී මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ ළිඳක තිබී පොලිසියට හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ කරුණු මත මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාලයේ සැකකාර වෛද්‍යවරයා තම බිරිඳ සමඟ මඩකලපුව උඩුමහල ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී ඇති අතර එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවස තුළදී බිහිකළ දරුවෙකු මෙසේ ගෙල මිරිකා ඝාතනය කර ඇතැයි හෙළිවී තිබේ.

සැකකාර වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

More from GossipMore posts in Gossip »