අපි ආදරේ කරන, ජීවිතේම දුන්නු මිනිස්සු සමහර වෙලාවට අපිටත් නොකියා කොහේ හෝ ඈතක දී පොළවට මිහිදන් වෙනවා.
අනතුරක් නිසා හෝ වේවා, පිහිනුමක් අවසානයේ හෝ වේවා එහෙම නැතිවුණු තරුණ ජීවිත ගණනාවක මතක අපි එක රැයින් අමතක කර දමනවා වුණත්, තවමත් ඒ මතක පපුව දරාන විඳවන මිනිස්සු මේ මහ පොළවේ ඉන්නවා.
මේ මතක ආවර්ජනයත් ඒ වගේ මිහිදන් නොකෙරූ මතකයක්….
මුහුණු පොතෙන් අපිට හමුවුණු ඒ සංවේදී සටහන පහතින් බලන්න !
(මේ කොල්ලෝ දෙන්නා මාස කිහිපයකට කලින් නොඑන ගමන් ගිහින් තිබුණා, ඒ අයව දියරකුසෙක් බිළිගෙන තිබුණා.)
සමහර බැදීම්,ආදර කතා,යළුකම් නැති වුනාම අපි නොසැහෙන්න මනසින් වැටෙනවා,අඩනවා,ජිව්ත නැති කරගන්න හිතෙන තැන් ඇවිත් තියනවා ..මාස ගනන් ,අවුරුදු ගනන් දුක් වෙනවා අඩනවා හිත් හදාගන්න බැරුව … ඒත් කාලයලක් යද්දී අපිම සතුටු වෙන්වා ඒ වගේ toxic මිනිස්සු අපේ ජිවිත වලින් යන්න නොගියා නම් අපේ ජිව්ත මේ තරම් ලස්සන නොවෙන්න තිබුනා කියලා…මේ තරම් දුරක් එන්න ජිව්තේ සාර්ථක කරගන්න බැරි වෙන්න තිබුනා කියලා… වාසියක් වෙනකම් අපි හොඳ වෙන, ගන්න පුලුවන් තරම් උදවු අරන්, ජිව්තේ අපි අන්තේටම වැටුනාම අයේ ගොඩ ඒමක් නෑ කියලා හිතලා තවත් ප්‍රයෝජන නෑ කියලා හිතලා නැති වැරදිත් හොයන්,ඒ මිනිස්සු වෙනුවෙන් වෙන් කරපූ කාලය,මුදල්,මහන්සිය අපි අපේ දේවල් වෙනුවෙන් වෙන් කරද්දී හතුරෙක්වත් නොකරන 3rd clz වැඩ කරලා පදත් හදලා යන ජාතියේ කකුල් 2 තිරිසන් මිනිස්සු නැති උනාම අපි සතුටු වෙන්වා
ඒත් ජිවිතේ අන්තේටම වැටුනාම ලගින් ඉදන් පරිස්සම් කරපූ ,තනි රැක්ක ,දුකක් කරදරයක් වුනොත් අනිත් තත්පරේ මං ලග ඉදපු, හිමින් හිමින් කට්ට කලා ජිවිතේ මං ආස විදියට ගොඩනාගාගන තැනකට එද්දී සතුටු උන ඒ සහෝදරකම, ඒ වගේ යාළුකමක් නැති වුනා කියන්නේ මොන තරම් හයිය හිතක් තිබුනා වුනත් ජිව්ත කාලේටම සුව නොවෙන තුවාලයක් වගේ හිත හදා ගන්න තියා හිතන්නවත් බෑ
අශාන් අදටත් මට ඇහෙනවා වගේ,
‘ අපි ගේමක් ගහමූ බං’
‘දුෂි උබට පුලුවන් යකෝ’
‘ උබට පිස්සු ද දුෂි ඇතතට??’
‘ සංජූ බලහන් බං මේකිට පිස්සු ‘
මට පොඩි අසනිපයක් උනත් ,ප්‍රශ්නයක් උනත් උබයි සංජු මෙහේ.. ඒ අඩුව දැනෙන එක කවදාවත් නැති වෙන එකක් නෑ බං
මේ උබේ උපන්දිනේ දවසේ ගත්ත එකක්..මෙහෙම දවසක් එයි කියලා කවුද හිතුවේ ඒ ඇදුමේන්ම උබේ පෙට්ටිය ලග තනි රකින්න වෙන දවසක් ගැන මට මතකයි උබේ ජිව්තේත් ඒ අමාරුම කාලයක් යනකන් එනකන් උබේ ඇස් වල කදුළු , බෙහෙත් බිලවත් නින්ද නොගිය කාලයක්…උබ වගේ අහිංසකයෙක්ට එහෙම දුකක් දිපූ උන්ගේ පව ඒක… උබේ අවසන් ගමන් බලන්නවත් එන්න උන්ට පුලුවන් උනේ නෑ… හැබැයි මං මග බලන් හිටියා එනකන්
අපි අපේ යළුකම් අවසන් වෙනකම් රැක්කා ඒ ගැන සතුටුයි අපේ යාළුකමට අර්ථකථන දෙන්න ආපූ අය ගොඩයි..දැනටත් එහෙමයි..අපිවත් නොදන්න කතා අනුකම්පාවක් විතරයි ඒ මිනිස්සු ගැන ඒ මොංගල් මානසිකත්වය ගැන…ඉස්සර අපි ඒවා ආතල් එකට අරන් තවත් පිස්සු නැටුවා දැන් කොහොමද එහෙම කරන්නේවත් අපිව හොඳටම දන්න හැමෝම දන්නවා ,ගෙවල් වල මිනිස්සු දන්නවා උබ හැමදාම මාව පරිස්සම් කරා , බැන්නා,රන්ඩු උනා, තරහා උනා සහෝදරයෙක් වගේ ,හොදම යාලුවට වඩා උබ සහෝදරයෙක් උනා අශාන් ඒකයි මේච්චරම අමාරු හිතට අපිට අපේ යළුකම කිසිම හේතුවක් නිසා නැති කරගන්න ඕන වූනේ නෑ අපි ඒක දැනන් හිටියාම සහා අපිව දන්නම අය ඒක දැනන් හිටියත් තාම සමහරක් චිත්ත පිරිමි උබ නැති වෙලත් උබට ඉන්න නොදෙන නිසයි මන් මේ ටික දැම්මේ අක්කාගේ wedding album එක කවදාවත් මං ආයේ බලන එකක් නෑ බලන්ත් බෑ උබලා දෙන්නම ඒකේ හරියට නළුවෝ දෙන්නෙක් වගේ..අක්කාගේ බෙස්ට්මෙන්ලා දෙන්නම ගියා යන්නම.. කොහොම බලන්නද ඒක අපේ අම්මත් අද උදේ කිවුවේ කොල්ලෝ දෙන්නව හොරු අරන් ගියා වගේ කියලා එක පාරක් අපි රන්ඩු වෙලා මං තරහා වුනාම උබ කිවුවා ,’සංජුයි ,උබයි, ආච්චි කියන්නේ මගේ පණ වගේ බං, මාත් එක්ක තරහා වෙන්න එපා දුෂි’ කියලා…මට උබ එක්ක කවදාවත් තරහා වෙන්න බෑ අශාන් ඒත් මාව මෙහෙම දාලා වැඩියෙන්ම වටින කෙනා එක්ක ගියා ඔයා මේවා type කරද්දීත් මට අඩන එක නවත්තගන්න බෑ අශාන් මට ගොඩාක් පාලුයි ඔයා නැතුව
අපි අපේ පොරොන්දු රැක්කා බං උබ අවසන් ගමන් යනකම් මන් තනි රැක්කා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා….!!! අමා මහා නිවන් සුව ලැබේවා ….!!!
ඔයාගේ හොඳම යාලුවා,බතල කෙල්ල දුෂි






