Press "Enter" to skip to content

“….සුරේෂ් අයියා ඇඳුමත් එතැනම දාලා රූම් එකෙන් එළියට පැන්නේ.. මම බාත්රූම් එකට ගිහින් දොර වහගත්තා. මිලාන් ඇවිත් එකපාරම…” – පෙම්වතියගේ අනියම් පෙම අතේ පත්තු වී, අනියම් පෙම්වතා අන්තිම ගමනට ගිය හැටි

ආදරේ කියන්නෙ උපමාවක් සම කරන්න බැරි විදිහේ අපිරිමේය හැඟීමක්.
ඒත් ඒ හැඟීම ළඟ අන්ත අසරණ වෙන, ඒ හැඟීම නිසා ම විඳවන ජීවිත මේ මිහිපිට නැතුවාම නෙවෙයි.

තමන්ගේ අනියම් පෙම සාධාරණීකරනය කරන පිරිස් ඒ අනියම් පෙම් කතාවට හැකි විදිහේ නාමකරණයක් සිදු කරනවා.

ඒත් අවසානයේ…
ඒ පෙම් කතා හැම එකක්ම මේ මහ පොළව යට සැඟවෙනවා.

මේ කතාවත් ඒ විදිහට මහ පොළව යට හැංඟිලා තිබුණු, හිටි හැටියේ ගොඩට ආපු කතාවක්.

“මිලාන් අයියා එක්ක මම යාලුවුනේ එයා මගේ හොඳම යාලුවාගේ අයියා නිසා. ඒත් මම මිලාන්ට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඒ මොකද එයා යකෙක්. කියන දේ අහන් නැති පොඩි දේටත් තරහා ගන්න ජරා සතෙක් ඇත්තම කිව්වොත්. මගේ යාලුවන්ට පවා මං ගැන කියලා කුනුහරපෙන් බනිනවා. දවසක් අපේ අම්මටත් මගේ වැරදි කියලා බැනලා තිබුණා. මම වෙන කොල්ලෙක් එක්ක කතා කළත් වැරදි. එයා මගේ ෆෝන් කෝලුත් එයාට එන විදිහට හදාගෙන තිබුණා. ඔය ප්‍රශ්න හින්දා මට මිලාන් අයියව එපා වෙලා තිබුණේ. මට ඕනි වුණේ එයාගෙන් ඈත් වෙන්න. ඒත් ඒක අමාරු වුණා..”

“ඔය අතරේ මගේ දුක අහන අයියා වුණේ සුරේෂ් අයියා. එයාව හම්බුනේ ෆේස්බුක් එකෙන්. අන්තිමට එයාව මම හම්බුණා. අපි ගොඩක් ක්ලොස් වුණා. මිලාන්ගෙන් නොලැබුණු ආදරේ සුරේෂ් අයියගෙන් මම වින්ඳා. සුරේෂ් අයියගේ උරහිසේ ඉද්දි මාරම සනීපයක් මට. මම මිලාන් එක්ක කොයි වෙලාවෙත් පණ බයෙන් හිටියේ. කොයි වෙලේ මේ යකා ඇවිස්සෙයිද කියන බයෙන්… ඒත් සුරේෂ් මාව බලාගත්තා…”

“මේක මිලාන් දැනගත්තා. ඒ වෙද්දි මම සුරේෂ් අයියා එක්ක රූම් වලට පවා යනවා. මගේ හැමදේම මම සුරේෂ් අයියට දුන්නා. මිලාන් අයියටවත් නොදුන්න දේවල්. ඒත්… මට මගේ මිලාන් අයියව නැති කළා ඒ තිරිසනා.. එදා අපි හිටියේ සුරේෂ් අයියගේ බෝඩිමේ රූම් එකක… කවුරු හරි මිලාන්ට ඔත්තුවක් දීලා. මිලාන් පැන්නා කාමරේට එකපාරම… සුරේෂ් අයියව මම පැන්නුවා. සුරේෂ් අයියා දිව්වේ ඇඳුමත් රූම් එකේ දාලා. මම බාත්රූම් එකට පැනලා දොර වහගත්තා…”

“මගේ දොරට ගහලා බැරිම තැන මිලාන් අයියා කුනුහරප කිය කිය ගියා. එදා හවස සුරේෂ් අයියගේ බොඩි එක හම්බුණා හන්දියේ තිබිලා. එයාට ගහලා ගහලා මැරුනම එතනට ගෙනත් දාලා. මිලාන් අයියා හැංඟිලා හිටියා මාස ගාණක්. කොහොම හරි පස්සෙ එයා ලෝයර් කෙනෙක් එක්ක පොලිසියට භාර වෙලා තිබුණා…”

“මම වරදක් කළා තමයි… ඒත් ඇත්තටම මම මට නොලැබුණු ආදරේ හෙව්වා විතරයි. මම කවදාවත් ඒ ආදරේ බිළිදෙන්න හිතුවේ නෑ. ඒත් අද මං තනිවෙලා….”

More from GossipMore posts in Gossip »