අපේ කළා ලෝකයේ හොමගේම ආදරේ දිනාගෙන ඉන්න අහින්සකාවියක් තමයි මනීෂා චන්චලා කියන්නේ. නිතරම චාම් විලාසිතා කරන ඇය අනෙකුත් රංගන ශිල්පිනියන් වගේ කැපී පෙනෙන්න දඟලන චරිතයක් නෙවෙයි. මනීශාගේ උපන්ගම මහනුවර, නුගවෙල. ඇයට ඉන්නේ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක්. මනීෂා පුංචි කාලයේ ඉඳලම ඇය කලාවට ලොකු ළැදිකමක් දක්වලා තියෙනවා. 2008 වසරේදී කඳුරට fm නාලිකාව සමග ළමා නිවේදිකාවක් විදිහට එකතු වුණ මනිෂා පසුව දෙරණ Little Star තරගෙට එකතු වෙනවා. එහිදී ඇය 12න් පහළ ගායන තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගන්නවා. ඉන්පසු ඇය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක ලෙස කළා ලෝකයට එකතු වනවා.
ඇයගේ පෞගලික ජිවිතේ ගැනත් ගොඩක් විස්තර දැනටමත් බොහොමයක් දෙනා දන්නවා ඇතිනේ. මනිෂා ආදර සම්බන්දයක් පටන් අරගෙන තිබුනේ දෙරණ නිවේදක කළිඳු කරුණාරත්න සමගයි.ඔහු දෙරණ රූපවාහිනි තිරයේ ප්රවෘත්ති නිවේදකයෙක් වගේම දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරනවා.ඉතින් ඔහු අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඉතාමත් දක්ෂ මාධ්‍යවේදියෙක්.මෑතකදී කතාවක් ගියා කළිඳු සහ මනිෂා අතර යම් ප්‍රශ්නයක් ඇතිවෙලා දෙන්නා වෙන්වෙන්න හදනවා කියලා. ඉතින් මේ ගැන දැනගත්තු ප්‍රේක්ෂකයින් ගොඩක් කනගාටු වෙලත් තිබුනා. ඉතින් මේ කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා බොහෝ දෙනෙක් හොයන්න ගත්තා. ඉතින් මේ අස්සම දෙයක්ම හෙළි කරමින් කළිඳු පුවත් පතකට මේ විදිහට අදහස් එක් කර තිබුනා.
මම ඉස්කෝලේ යන කාලේදී පොඩි ප්‍රේම සම්බන්දතා තිබුනා. ඒවා එච්චර දුර අරගෙන ගිය ඒවා නෙවෙයි, පාසල් කාලය අවසාන වීමත් එක්ක ප්‍රේම සම්බන්දතා තියෙන්නේ නැහැනේ. ඒත් හිතට ගොඩක් දැනුනු ප්‍රේමයක් තිබුනානම් ඇය තමයි මනීෂා. 2019දී අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ, අවුරුදු තුනක් ආදරේ කරලා ඒකට තිත තියන්න සිද්ද වුනා.සම්බන්දෙ නවත්තන්න මටනම් කිසිම උවමනාවක් තිබුනේ නැහැ. එයාගේ ඕනකමටම තමයි වෙන්වෙමු කියලා කිව්වේ. හැබැයි මම ඇයට තාමත් ගරු කරනවා, ගෞරවනීය විදියට කතාබහ කරලා අපි දෙන්නා වෙන්වුනා. හේතුවක් කිව්වත් නැහැ මම හේතුවක් ඇහුවෙත් නැහැ. හේතු හොයන්න ගියොත් මට තවත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්දවෙනවා.
මගේ වැරද්දක් තිබුනද කියලා දන්නේ නැහැ.එයාට නිදහස ඕනෑවටත් වඩා අවශ්ෂ්‍ය නිසා මගෙන් වෙන්වෙන්න තීරණ කලාද දන්නෙත් නැහැ. හිතුවෙවත් නැති වෙලාවක කතාකරලා කිව්වා අපි දෙන්නාගේ සම්බන්දෙ නවත්වමු කියලා. මගේ කැමැත්තට විතරක් අමාරුවෙන් රඳවගෙන ආදරේ කරලා වැඩක් නැහැනේ. එකපාරක් විශ්වාසය නැතිකරගත්තම තවත් වරක් සමාව දීලා වැඩකුත් නැහැ. එයා ආයේ එන්නෙත් නැහැ ආවත් බාරගන්නෙත් නැහැ. විශ්වාසයක් නැතිකලාට පස්සේ නැත්වත් එහෙම කරන්න බැරිකමක් නැහැනේ. එක හිතක් නැතුව දහ අතේ යන හිත්වලට ආදරේ කලාම මෙහෙම වෙනවා.කියලයි ඔහූ අවසාන වශයෙන් පැවසුවේ.







