පූර්ණ කාලීනව ත්‍රිරෝද රැකියාවේ නිරත වන පුද්ගලයන්ට ඉදිරියේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සංශෝධනය කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් පවසයි.
ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂණයට අද (අගෝ. 7) එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, කුලී ත්‍රිරෝද රථ සඳහා දැනට නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බවට චෝදනා ද එල්ල වන බව ය.
“අද සම්පූර්ණයෙන් ම මිනිස්සුන්ගේ දවසක් දෙකක් පෝලිමේ ඉන්න අයට පැය භාගයකින් ඉන්ධන ලබාගෙන යන්න පුළුවන් තත්ත්වයකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. මම බලාපොරොත්තුවෙනවා මේකට අනුගත වෙලා සහය දෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.”






