Press "Enter" to skip to content

ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදීම නායකයා ලෙස ලෝකයේම ඉතිහාසගත වෙයි! – හැබැයි එතුමාට ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරිකමක් තිබුණා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්‍රශ්නවලට මුහුණ දීමට බැරිකමක් තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අපි විසින් අපේ පක්ෂයෙන් ගෙනාපු ජනාධිපතිතුමා. එතුමාට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න යම් බැරිකමක් තිබුණා. මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නා නම් එතුමා තවම ජනාධිපතිනේ. ෆේල් කතාව නෙවෙයි කියන්නෙ, එතුමාට මේ සමාජ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැරිවුණා. එතුමා හැබැයි ලෝකයේ ඉතිහාසගත වෙයි ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහළින්ම ආරක්ෂා කරපු ජනාධිපතිවරයා හැටියට. තමන් හිටපු පෞද්ගලික ගෙදරට ගහපු වෙලේවත් තීන්දුවක් ගත්තෙ නෑ. රජගෙදරටත් ඇවිල්ලා, එතෙන්ටත් ගහලා, එතුමා ලංකාවෙනුත් ගියා. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය ඔයිට වැඩිය ?”