Press "Enter" to skip to content

ස්ටාලින්ට පොලිස් ඇප දෙන්නැයි දැනුම් දුන්නා – සමන් රත්නප‍්‍රිය

අද (අගෝ. 3) අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.

ඔහු සඳහන් කළේ, තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇති බව ත් ය.

ස්ටාලින්ට මහතාට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී, වරදක් සිදු වී ඇත්නම් අධිකරණය වෙත ඉදිපත් කර ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද රත්නප්‍රිය මහතා පැවසීය.

රත්නප්‍රිය මහතා අවධාරණය කළේ, ස්ටාලින් මහතා වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ය.

මැයි 28 වන දා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජෝසෆ් ස්ටාලින් මහතා අද පස්වරුවේ කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේ ය.

source – mawbima.lk

More from GossipMore posts in Gossip »