Press "Enter" to skip to content

බිහිසුණු පිහි ඇනුමකින් පෙරපාසල් දරුවන් 03ක් මරුට..06ක් තුවාල ලබයි

චීනයේ, ජියැන්ග්සි පළාතේ පෙර පාසලක ඊයේ (අගෝ. 3) සිදු වූ පිහි ඇනුමකින් ‍තිදෙනෙකු මිය ගොස් තව ත් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, හිස්වැසුම් සහ වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකු ඊයේ උදෑසන 10.00ට පමණ අදාළ පෙර පාසලට කඩා වැදී එම පිහි ඇනුම සිදු කර ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළ බව ය.

48 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

පිහි ඇනුමෙන් මිය ගිය පුද්ගලයින්ගේ වයස් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ මෙවැනි අපරාධ සිදු වීමේ ප්‍රවණතාව අඩු වන අතර එරට පුරවැසියන්ට ගිනිඅවි ළඟ තබා ගැනීම ද තහනම් වේ.

එවැනි පසුබිමක පසුගිය වසරවල චීනයේ පිහි ඇනුම් සිද්ධි වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර 2020 වර්ෂයේදී පමණක් පිහි ඇනුම්වලින් සිසුන් 37 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, විශේෂයෙන් පෙර පාසල් සහ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙලෙස මාරාන්තික පිහි ඇනුම් සිද්ධි බොහොමයක් රට පුරා සිදු වී ඇති බව ය.

Gallery
Gallery
Gallery
More from GossipMore posts in Gossip »