Press "Enter" to skip to content

භික්‍ෂුවකට බරපතල ලිංගික අතවර කල දායිකාවක් අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වසන පහළොස් හැවිරිදි බාල වයස්කාර සාමණේර හිමි නමක් රවටා තම නිවසට කැඳවාගෙන ගොස් එහිමියන්ට බරපතළ ලිංගික අපයෝජනයක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති 51ක් හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක පදිංචි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සාමණේර හිමියන් ඒ බව විහාරාධිපති හිමියන්ට දැනුම් දීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත.

මෙම සැකකාර කාන්තාව සාමණේර හිමියන් අවස්ථා දෙකකදී තම නිවසට කැඳවාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවද පොලිසිය කියා සිටී.

More from GossipMore posts in Gossip »