Press "Enter" to skip to content

චැසි අංකයෙන් QR ක්‍රමවේදයට ලියාපදිංචි වෙන්න බැරි වුණු අයට දැනුම් දීමක්

චැසි අංක ඇතුළත් කර ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට හෙට (ජූලි 31) සිට තම ආදායම් බලපත්‍ර අංකය මගින් ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190න් ඉන්ධන පිරවුම්හල් 962ක් ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන අවසර පත සඳහා ඇතුළත් වී ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.

More from GossipMore posts in Gossip »