Press "Enter" to skip to content

සති දෙකකින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්.. දිනේෂ්ගේ අගමැතිකම ඉවතට

ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන ලෙස සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සති දෙකකින් පිහිටුවන නව කැබිනට් මණ්ඩලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ වැඩි ප්‍රමාණයක් ඇතුළත් වනු ඇතැයි ද වාර්තා වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියළු පක්ෂ වලට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනා කිරීමටද නියමිතව ඇත.

දැනට ක්‍රියාත්මක වන්නේ අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් වන අතර එය සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටු වූ පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට නියමිතව තිබේ.

මේ අතර සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹ නැති බවයි.

පක්ෂයේ නායකයන් රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුවේ දෙවන විශාලතම පක්‍ෂය වන සමගි ජනබලවේගය සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ නම් එහි අග්‍රාමාත්‍ය ධුරය සජිත් ප්‍රේමදාස මහතාට හෝ එම පක්ෂයෙන් නම් කරන ලද පුද්ගලයකුට ලබාදීමටද සාකච්ඡා වෙමින් ඇත.

එසේ වුවොත් දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධන මහතාගේ ධුරයද ඉවත් වීමට වැඩි ඉඩකඩක් තිබේ.