Press "Enter" to skip to content

උපකාරක පංතියට ආ සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගුරුවරයාගේ දුරකථනයේ

සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සන්තකයේ තබාගත් උසස් පෙළ උපකාරක පංති පවත්වාගෙන යන පාසල් ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල උපකාරක පංති ගුරුවරයාගේ පංතියට සහභාගී වූ සිසුවියන් සිව්දෙනෙකුගේ නිරුවත් ඡායාරූප සැකකරු සන්තකයේ තිබී මෙලෙස හමු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රම්බොඩගල්ල සහ මාවතගම යන ප්‍රදේශවල උපකාරක පංති පවත්වාගෙන ගොස් ඇති සැකකාර ගුරුවරයා සිසුවියන් සිව්දෙනා මෝටර් රථයේ නංවාගෙන වරින් වර රැගෙන ගොස් එහි තුළම සිටියේ දී ඔවුන්ගේ නිරුවත් ඡායාරූප ලබාගත් බවට සිසුවියන් විසින් පොලිසියට පවසා තිබෙනවා.

වැඩිදුර ඉගැන්වීම් සිදුකරන බව පවසා සැකකරු විසින් මෙලෙස සිසුවියන් මෝටර් රථයේ නංවාගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේ දී අදාල සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප එහි තිබී හමුව තිබෙනවා

More from GossipMore posts in Gossip »