Press "Enter" to skip to content

අරගලකරුවන්ට පහර දෙන්න ගෝඨාත් නියෝග කරලා ! ඇමරිකාවේ මැදිහත් වීමෙන් අවසන් මොහොතේදී එය ව්‍යර්ථ වූ හැටි ඩීව් හෙළිකරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එක් අවස්ථාවක ගාලුමුවදොර පිටියේ සිටි අරගලකරුවන් ඉවත් කිරීමට දැරූ උත්සහයක් ව්‍යර්ථ වූ බව ඩිව් ගුණසේකර මහතා පවසනවා.

රුපවාහිනි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඇමෙරිකානු තානාපතිවරියගේ බලපෑම නිසාවෙන් එය සිදු කිරීමට එවකට ජනාධිපතිව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට නොහැකිවූ බවයි.

ආරක්ෂක අංශ ලවා ගාලු මුවදොර පිටියේ සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී ඇමරිකානු තානාපතිනිය හිටපු ජනාධිපතිවරයාට දුරකථනයෙන් අමතා එය වැලැක්වූ බවටයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙරට ස්වෛරීභාවය රදා පවතිනුයේ වෙනත් රටක බවත් අද අළුයම සිදුකල පහර දීමට ඇතැම්විට රනිල් වික්‍රමසිංහ මහතාට ඇමෙරිකානු තානාපතිනිය ගෙන් අවසර ලැබෙන්නට ඇති බවත් ඔහු කියා සිටිනවා.

source – neth gossip

More from GossipMore posts in Gossip »