සිපෙට්කෝ ඉන්ධන හල් හරහා හෙට (21) සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මෙහිදී මුලින් සඳහන් කළ ආකාරයටම වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
මේ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක අනුව
0,1,2 – අඟහරුවාදා සහ සෙනසුරාදා
3,4,5 – බ්‍රහස්පතින්දා සහ ඉරිදා
6,7,8,9 – සඳුදා,බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත් කරනු ලබයි.
ඒ අනුව 3,4,5 යන අංක ඇති වාහන වලට හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්
යතුරු පැදි සඳහා රු 1500ක්
ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2000ක්
අනෙකුත් වාහන සඳහා රු 7000ක් ලෙස ඉන්ධන නිකුත් කිරිමට නියමිතය.
මේ අතර QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ලබන 21 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී පරික්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.






