Press "Enter" to skip to content

‘එලවන්න කලින් පලයන් රනිල්’ විරෝධතා රට පුරා…

වැඩබලන රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් අද හෙට දින තුළ රට පුරා ප්‍රදේශ ගණනාවක විරෝධතා සංවිධානය කර තිබේ.

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේදීද මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇත. ‘එලවන්න කලින් පලයන් රනිල්’ සදහන් බැනරයක්ද එහි ප‍්‍රදර්ශණය කරමින් ඇත.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායක ධුරය දැරීම සඳහා නුසුදුසු බව විරෝධතාකරුවන් කියා සිටිති.

තම ඉල්ලීමට ඇහුම්කන් නොදී රනිල් වික්‍රමසිංහ මහතා දිගටම රැඳී සිටීමට උත්සාහ කලහොත් ඉදිරියේ තත්ත්වය භයානක ඇතැයිද ඔවුන් කියා අනතුරු අඟවා සිටිති.

මෙරට ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා වූ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡුන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.