Press "Enter" to skip to content

මව සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමලා

මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

මෙසේ දිවි බේරා ගෙන ඇත්තේ කරන්දෙණිය කිරිනුගේ පදිංචි කුෂිනි ශෙහාරා නමැති තුන් හැවිරිදි දියණියකි.

ළිදට වැටී දිවි බේරාගත් දියණිය මේ වනවිට ඇල්පිටිය මූලික රෝහලේ පතිකාර ලබන බවද පොලීසිය කියයි.

නිවසේ ඇති පශ්නවලට උරණවූ මේ මව සිය දියණිය අද (19)උදේ ළිදට විසිකර ඇයත් ළිදට පැන සිය දිවි හානිකර ගැනීමට සූදානම්ව ඇති බවද පොලීසිය කියයි.

ලිද තුළ සිටි කුඩා දරුවකු කෑගසනු ඇහුණු චාමික ලක්ශාන් හා රොෂාන් කුමාර යන පාසල් සිසුන් දෙදෙනා ළිදට පැන මේ දියණිය බේරාගත් බවද පොලීසිය කියයි.

මේ සිසුන් දෙදෙනාම කරන්දෙණිය බන්දුල සේනාධීර විදයාලයේ ඉහෙනුම ලබන බවද පොලීසිය කියයි.

සිගිති දියණිය ළිදට දැමූ මව සැකපිට පුශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.

කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් ඇල්ගිරියහේ අපරාද අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉරාන් යන මහත්වරු මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

More from GossipMore posts in Gossip »