තීරණාත්මක පියවරක් ගැනීමට තමන් පාර්ලිමේන්තුව බලා යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටිනවා.
මිට සුළු මොහොතකට පෙර ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර සිටියේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේදී තමන් නිවැරදි තීරණයක් ගන්නා බවයි.
විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින්.
” තීරණාත්මක පියවරක් ගැනීමට මම පාර්ලිමේන්තුවට බලා ගමන් කරමින් සිටිනවා. මගේ මාතෘභූමියේ ජාතික අවශ්‍යතා සහ මගේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවගේ සියලු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සුදුසු අවස්ථාවේ දී මම නිවැරදි තීරණයක් ගන්නා බව ජනතාවට දැනුම් දීමට අවශ්‍යයි.”
Published in Political
More from PoliticalMore posts in Political »