Press "Enter" to skip to content

පැතුම් කර්නල් අතුරුදහන්; අරගලේ කළ මහවුන් 3ක් ළඟ කෝටි 4ක්

පාර්ලිමේන්තු සංකීර්ණය අසල ගැටුම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නල් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින බව වාර්තා වේ.

කෙසේවුවද, ඔහුද මේවන විට අතුරුදන් වී ඇති බව පොලිසිය කියයි.

අරගලේ තුනට මිලියන 150 ගානේ රටින් එවලා

මේ අතර, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අගමැති කාර්යාලයට අලාභහානි කරමින් පැරැණි භාණ්ඩ සොරකම් කිරීම හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හැත්තෑවක් පමණ පොලිසිය හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ හඳුනාගෙන ඇති අය අතර සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී දර්ශන පෙන්වමින් ජනතාව උසි ගැන්වූ පුද්ගලයන්ගෙන් වැඩිදෙනෙකු දේශපාලන පක්ෂවලට සම්බන්ධ අය බවද පොලිසිය තහවුරු කරගෙන ඇති බව පැවසේ.

මේ අතර, ගාලු මුවදොර අරගල භුමියේ රැඳී සිටින අරගලයේ ප්‍රධාන භූමිකාවක් දරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු තම බැංකු ගිණුම්වලින් රුපියල් හාරකෝටි පනස් ලක්ෂයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයන් තිදෙනා මෑතකදී ලංකා බැංකුවේ යුනියන් ප්ලේස් ශාඛාවේ නව ගිණුම් තුනක් අරඹා තිබේ.

එම ගිණුම්වලට පසුගිය 15 වැනිදා රුපියල් ලක්ෂ 150 බැගින් රුපියල් ලක්ෂ 450ක මුදලක් විදේශයක සිට කිසියම් පුද්ගලයකු තැන්පත් කර ඇති බව වාර්තා වේ.

එම මුදල තැන්පත් කිරීමෙන් ටික වේලාවකට පසු මෙම බැංකුවට අදාළ පුද්ගලයන් තිදෙනා සුදු පැහැති ප්‍රියස් මෝටර් රථයක පැමිණ ඇත.

ඔවුන් පැමිණ ගිණුම්වලින් සම්පූර්ණ මුදලම රැගෙන ගොස් තිබෙන අතර, සාමාන්‍ය ක්‍රියාවලිය අනුව මුදල් ලැබීමට හේතුව පිළිබඳ ප්‍රශ්න කළ බැංකු නිලධාරීන්ට ද ඔවුන් තර්ජනය කර ඇති බව වාර්තා වේ.

එලෙස තර්ජනය කර තිබෙන්නේ තමන් අරගලයේ බවත්, තමන්ට බාධා කළහොත් ඊළඟ දිනයේ බැංකුවත් වටලන බව පවසමිනි.

More from GossipMore posts in Gossip »