Press "Enter" to skip to content

රනිල්ට සහාය දෙන්න පොහොට්ටුවේ රොෂාන් කණ්ඩායම් රැස්වීමක් කැඳවයි

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා බවට පත්කිරීම ඉලක්ක කරගෙන අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක් කැදවීමට හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කොට ඇත.

ඊට ප්‍රසන්න රණතුංග මහතා ඇතුලු පිරිසක් එක්ව සිටින බව දැනගන්නට තිබේ.

මෙහිදී රෝෂාන් රණසිංහ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බවට යෝජනා කර ඇති නමුත් ඊට ඇතැම් මන්ත්‍රීවරුන් එකග වී නොමැති බව දැනගන්නට ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන් ඒ සදහා පොහොට්ටුවේම මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කළ යුතු බව දැනුම් දී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් එම සාකච්ජාවේදී උණුසුම් වාදවිවාද සිදුවූ බවද වාර්තා වේ.