Press "Enter" to skip to content

ගෝඨාභයට ආරක්ෂිතව පිටව යන්න ඩොලර් මිලියන 5ක් ගත්තදැයි මාලදිවයින් ජනපතිගෙන් ප්‍රශ්න කරයි

ශ්‍රී ලංකාවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව මාලදිවයිනට පිටත්ව ඒම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක අල්ලසක් ගත්තේදැයි මාලදිවයිනේ ජනපතිගෙන් මාලදිවයිනේ මාධ්‍ය ප්‍රශ්ණ කර තිබේ.

හජ් වන්දනාව සඳහා එක්වීමට සෞදි අරාබියට ගොස් සිටි මාලදිවයින් ජනපතිවරයා ඊයේ රාත්‍රියේ මාලදිවයිනට ළඟා වී තිබේ. මෙහිදී ඔහු ගුවන් තොටුපොළින් රටට පැමිණීමේදී මාලදිවයිනේ මාධ්‍ය මේ බව ප්‍රශ්ණ කළේය.

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම්කර තිබුණි. එසේම මාලදිවයිනේ ජනපතිවරයාද සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ

More from GossipMore posts in Gossip »