Press "Enter" to skip to content

පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට එයි! ගෝඨා සිංගප්පූරු යන්න සූදානම්!

පෞද්ගලික ජෙට් යානයක් මීට සුළු මොහොතකට පෙර මාලදිවයිනේ මාලේ අගනුවරට ගොඩබස්වා ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තව සුලු මොහොතකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානම් වන බව වාර්තා වේ.

රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට නියමිතව තිබූ නමුත් ආරක්ෂක හේතූන් මත නියමිත පරිදි ගමන් කළේ නැත.

රාජපක්ෂ මහතා මාලදිවයිනෙන් පිටත්වීම සඳහා පෞද්ගලික ජෙට් යානයක් ඉල්ලා ඇති අතර මාලදිවයිනේ බලධාරීන් විසින් සාකච්ඡා ආරම්භ කර තිබුණේ රාත්‍රියේය.

මෙම ජෙට් යානය මීට සුළු මොහොතකට පෙර වේලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවත්, ගෝඨාභය රාජපක්ෂ තව සුළු මොහොතකින් මාලදිවයිනෙන් පිටත්ව යන බවත් වාර්තා වේ.

අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟාවීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතයි

More from GossipMore posts in Gossip »