Press "Enter" to skip to content

යළිත් වරක් පොරොන්දු කඩකළ ජනපති ගෝඨාභය

ජුලි 13 දා තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා හරහා රටට දැනුම් දුන්නත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් ප්‍රකාශ කර නොමැත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ජනපතිවරයා තමන්ට දුරකතනයෙන් කථාකොට අද දිනයේදී ඉල්ලා අස්වීමට අදාළ ලිපිය නිකුත් කරන බවට සඳහන් කළ බවයි.

කෙසේ වෙතත් රාත්‍රී 12 වන විටත් එම ඉල්ලා අස්විමේ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කර නොතිබුණි. ජනපතිවරයා මේ වන විටත් දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු වැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට කටයුතු කළේය.

එම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයද ජනපතිවරයා විසින් නිකුත් කර තිබේ.