Press "Enter" to skip to content

ගෝඨාභය රටින් පිට කළ මෙහෙයුම මෙන්න


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු අද (ජූලි 13) අලුයම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු මෙම ගුවන් යානයෙන් පිටත්ව ගොස් ඇත.

ඊයේ (ජූලි 12) රාත්‍රී 11.00ට පමණ ඔවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් ලියකියවිලි කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් තිබේ.

අනතුරුව අද අලුයම 01.45ට පමණ ඇන්ටොනෝව් – 32 (AN- 32 ) වර්ගයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව සහ අග්‍රමාත්‍ය කාර්යාලය ද තහවුරු කරමින් නිවේදන නිකුත් කර තිබේ.

More from GossipMore posts in Gossip »