Press "Enter" to skip to content

මන්දිර අල්ලන පැසිට්වාදය අවසන් කරන්න මං සූදානම්..- වැඩබලන ජනාධිපති ජාතිය අමතයි

වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

රට තුළ පවතින තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට ගන්නා ලෙස තමා ආරක්ෂක අංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව එහිදී අගමැතිවරයා පැවසීය.

ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා, පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවකට එම සම්පූර්ණ බලතල ලබා දුන් බව ඔහු සඳහන් කළේ ය.

එබැවින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහය ලබා දෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැතිවරයා වැඩිදුරට ත් පැවසීය.

More from GossipMore posts in Gossip »